සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට වසර 10ක සිරදඬුවම්

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු ලෙස තීන්දු වූ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම නියම කර ඇත.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා වන අතර, විත්තිකරුට එරෙහිව පැමිණි චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ වී ඇති බවද විනිසුරුවරයා සඳහන් කළේය.

2022 නොවැම්බර් 3 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී මන්නාරම එලුතූර් හන්දිය අසලදී මෙම තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊට අනුව, 2008 අංක 1 දරන  මදන ඖෂධ සහ මනෝවර්ථක පනත යටතේ නීතිපතිවරයා විසින් එම තරුණයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

නඩු විභාගයෙන් අනතුරුව, අධිකරණය විසින් ඔහුට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම නියම කරන ලදි.

Tags