සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පාස්කු විමර්ශනයකට අදාළව මඩකලපුව හිටපු පොලිස් OIC රඳවාගෙන ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරයන්ට අදාළව සිදුකරන විමර්ශනයක් පිළිබඳව මඩකලපුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිලිබඳ වන වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරීමේ සිද්ධිය සම්බන්ධව වන සංවේදී තොරතුරු සඟවා ඉදිරිපත් කිරීම, විමර්ශනය නොමඟ යවන සුළු සටහන් යෙදීම, සාක්ෂි වසන් කිරීම, නිවැරදි කරුණු අනාවරණය නොකිරීම ඇතුළු කරුණු යටතේ සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණය හමුවේ දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මේ අනුව හිටපු ස්ථානාධිපතිවරයා දැනට පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව දැනුම් දුන් පොලීසිය අවශ්‍ය වුවහොත් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගන්නා බව අධිකරණය වෙත කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

Tags