සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජකයින්ගේ සහ ඔවුන්ගේ ආයෝජන සුරක්ෂිතයි – ජනාධිපති

ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජකයින්ගේ සහ ඔවුන්ගේ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඇමරිකානු ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැවසූවේ, වර්තමාන රජය ආයෝජන ආරක්ෂාව සහ විදේශ ආයෝජන ගෙන්වා ගැනීම ප්‍රමුඛ අරමුණක් කරගෙන ක්‍රියා කරමින් සිටින බවය.

ඒ සඳහා නව නීති සකස් කරමින්, පසුගිය අක්‍රමවත් ක්‍රියාමාර්ග වෙනස් කර තිරසාර ආර්ථික පරිසරයක් ගොඩනැගීම රජය ඉලක්ක කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට Crow Holdings සභාපති හාර්ලන් ක්‍රෝ, Hudson Institute සභාපති සාරා ස්ටර්න්, අනිල් ජයන්ත අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Tags