සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වන අලි රකින්න දැඩි නීති

වන අලින්ට වෙඩි තැබීම සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට විරුද්ධව නීති දැඩි කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) වන අලින්ට වෙඩි තැබීම් ඇතුලු ගැටලු සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පරිසර අමාත්‍යාංශයේදී සාකච්ඡාවකදීයි.

වන අලින්ට සිදුකරන වෙඩි තැබීම්වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස පරිසර අමාත්‍යවරයා විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

තවද පුද්ගලික ඉඩම් කේන්ද්‍ර කර ගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැටවල් පිළිබඳව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා වන සතුන් ඝාතනය කිරීමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

Tags