දේශීය පුවත්
දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වුණා – ඩොනල්ඩ් ට්‍රම්ප්
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි මොනවද යන්න විස්තර නොකර සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇති බව සඳහන්.
සටන් විරාමය සඳහා මැදිහත් වූ කටාර් සහ ඊජිප්තුව මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇති බ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හමාස් සංවිධානය මෙම යෝජනා පිළිගැනීම යහපත් ප්රවනතාවක් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
