දේශීය පුවත්
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවූ කෙහෙළිය පවුල බන්ධනාගාරයට
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැරීමට නියෝග කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වූ හෙයින් බන්ධනාගාරය වෙත ගෙන ගොස් තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ අද (ජූනි 18) කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළේ සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසයි.
ඒ අනුව එක් එක් සැකකරුවන් රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් ඇප මත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.
තවද සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් ද නියම කරමින් මහේස්ත්‍රාත්වරිය නියෝගයක් ද නිකුත් කළා.
