දේශීය පුවත්
කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දින අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා.
මේ අතර ඊයේ (18) දින අධිකරණය වෙත ඉදිරිපත් කෙරූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් රැගෙන ගොස් තිබුණා.
ඒ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝග කිරීමෙන් අනතුරුවයි.
