දේශීය පුවත්
ලලිත් සහ කූගන් පරීක්ෂණ නැවත ආරම්භ කරයි
මානව ක්‍රියාකාරීන් දෙදෙනෙක් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ද යන පුද්ගලයන් අතුරුදහන් වීම පිළිබඳව නැවත විමර්ශන ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
දෙදෙනා 2011 වසරේ දී අතුරුදහන්ව ඇති බවද ඔහු මෙහිදී පැවසුවා.
ඒ මහතා මෙහිදී කියා සිටියේ මෙම නඩුව 2014 වසරේ දී අවසන් වරට කැඳවූ අවස්ථාවේ දී නඩුව බහා තැබීමට අධිකරණය නියෝග කළ බවත් ඒ සම්බන්ධ විමර්ශන ප්‍රගතියක් අත්පත් කරගෙන නොමැති හෙයින් වැඩබලන පොලිස්පති අලුතින් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග හා උපදෙස් ලබාදී බවත්ය.
