දේශීය පුවත්
ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට පැමිණෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අද (15) දිවයිනට පැමිණියා.
ඇය මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ දෙදින නිල සංචාරයක් සඳහායි.
කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි ආචාර්ය ගීතා ගොජිනාත් මහත්මිය සමඟ දූත පිරිසක් ද දිවයිනට පැමිණ තිබෙනවා.
ඇයගේ මෙම සංචාරය තුළදී මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගීවීමටද නියමිතයි.
