දේශීය පුවත්
ජනතාව එකඟ නොවන නීති සම්මත නොවේ – ජනාධිපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, පොදු පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවයි. අද (17) පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී “රට නගන ගුරු පවුර” යන තේමාවෙන් සංවිධානය කළ ජාතික ගුරු සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ, නීති සම්පාදනයේ අරමුණ ජනතාවගේ අවශ්‍යතා සහ බලාපොරොත්තු අනුව විය යුතු බවයි. ජනතාව එකඟ නොවන නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන අතර, එවැනි නීතියක් ජනතාව ප්‍රතික්ෂේප කළහොත් එම නීතියෙන් ඵලයක් නොලැබෙන බව ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ, නීති සම්පාදනය විය යුත්තේ පාලකයන්ගේ වුවමනාවෙන් නොව, ජනතාව වෙනුවෙන් බවයි.
