දේශීය පුවත්
පස් හැවිරිදි දරුවෙකු මිළින කල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය
පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකල පුද්ගලයින් දෙදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 23 සහ 25 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක්.
ඉකුත් 29 වනදා එල්ල කරන ලද එම පෙට්රල් බෝම්බ ප්රහාරයෙන් නිවසේ රූපවාහිනී නරඹමින් සිටි 05 හැවිරිදි පිරිමි දරුවෙකුට දිවි අහිමිව කාන්තාවකට බරපතල තුවාල සිදුව තිබෙනවා.
ප්රහාරයට පැමිණි යතුරු පැදිය, තවත් පෙට්රල් බෝම්බයක් සෑදීමට භාවිතා කල දෑ සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇති අතර, විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ ප්රහාරය වෙනුවෙන් ඔවුනට ලැබී ඇත්තේ රුපියල් 5000ක් පමණක් වන බවයි.
සැකකරුවන් කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.
