සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඉන්ධන රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

රට තුළ කිසිඳු අයුරකින් ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ මාස දෙකක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වන විට සහතික කර ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ නීති විරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා සඳහන් කළා.

“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.

අපි ළඟ තියෙන වාර්තා අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි. එම තෙල් අපිට එන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ සිකාවලින්. එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පුර්ණ එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැයුම් හැටියට අපිට ලැබෙන්නේ.”

Tags