දේශීය පුවත්
ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීමේ සිද්ධිය ගැන කෝප් කමිටුවේ අවධානය
ආනයනය කරන ලද වාහන රේගු භාරයේ රඳවා තබා ගැනීම සම්බන්ධව රජයේ මුදල් පිළිබඳව කාරක සභාව පසුගියද රැස්වූ අවස්ථාවේදී අවධානය යොමුව තිබෙනවා.
ඒ එම සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වූ අවස්ථාවේදීයි.
“මේ චෝදනාව ගේන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම ආයතනයට විරුද්ධව. එතකොට දැන් මේක සවුත් චයිනා මෝර්නින් පෝස්ට් එකේ ලොකු ආර්ටිකල් එකක් හැටියට ගිහිල්ලා තිබුණා. මම ඒක කියෙව්වා. ඒ සවුත් චයිනා මෝර්නින් පෝස්ට් එකේ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. සමහර රටවල්වල ඒ තියෙන නිසා, සිංගප්පූරුවේ, නේපාලයේ, ලංකාවේ ඒ ටැක්ස් ටච්චස් තියෙන නිසා, ටැක්ස් එක අඩු කරන විදියට තමයි ඒගොල්ලෝ ඒ එන්ජින් කැපෑසිටි එක හදලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට, ඒ පත්තරේ තියෙන්නේ බී වයි ඩී කියන වාහනය, එකසිය පනහක් කිලෝවොට්වලට සමහර රටවල්වලට යනවා. ඒ වාහනයම සීය කිලෝවොට්වලට, අනිත් රටවල්වලට යනවා. එතකොට අපිට මේක සීයද එකසිය පනහද කියන එක හොයාගන්න ජාත්‍යන්තරව පිළිගන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේදයක් තියෙනවද ලංකාවේ මේක කරන්න?
මෙහිදී ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා,
”මං හිතන්නෑ ඒක කිරීම සඳහා අපිට ලොකු ඉෂූ එකක් ඇති වෙයි කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සර් ඒගොල්ලන් අවශ්‍ය සහයෝගය ඉක්මනින් ලැබෙන්නෑ අපිට. එහෙම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි කිව්වේ මෝටර් එක චෙක් කරමු කියලා. ඒකට ඒගොල්ලන් කියනවා මේක මේකට වාහනෙන් ගලවන්න ඕනේ. ඒකට ගැලවීමේ ක්‍රමයක් තියෙනවා. ඒකට එක්ස්පර්ට්ලා එන්න ඕනේ. ඒ විදිහට තමා කියන්නේ.”
