සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තොටළඟ කන්නාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 39ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ “තොටළඟ කන්නා” ලෙස හැඳින්වෙන කනපති ගනේෂ් නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර කොළඹ මහාධිකරණය ඊයේ (10) තීන්දුව ලබා ඇත.

මෙම තීන්දුව ලබා දුන්නේ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරන්න මහතා විසිනි. 2014 දෙසැම්බර් 26 දින ඇළකන්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණි.

නඩු විභාගයේදී විත්තිකරු ඇප මත සිට අධිකරණය මගහැර පලා ගිය අතර, එම හේතුවෙන් නඩුව ඔහු නොමැතිව විභාග කර තීන්දුව ලබා ඇත.

තීන්දුව ප්‍රකාශ කළ විනිසුරුවරයා සඳහන් කළේ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවත්, එමඟින් විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කරන බවත්ය.

අදාළ විත්තිකරු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක්ද නිකුත් කර ඇත.

Tags