සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවකට අධිචෝදනා

2014 වසරේ ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම්බොර්ඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීමෙන් පොදු දේපල පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන පුද්ගලයන්ට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ ඉන්පසුව මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටයි.

කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන අය දැනටමත් සිරදඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ව මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියෝග කරනු ලැබුවා.

Tags