දේශීය පුවත්
මැදපෙරදිග තත්ත්වය ගැන අධ්‍යනයට වෙනම කමිටුවක්
මැදපෙරදිග පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනයට අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර තිබෙනවා.
පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම කමිටුව පත්කර ඇති බව සඳහන්.
අදාළ කමිටුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වනු ඇති.
කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ වසන්ත සමරසිංහ,කුමාර ජයකොඩි සහ සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරුන්ය.
