සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු රටින් පලායයි

තංගල්ල අධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා ගමන් ගනිමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී වෙඩි ප්රහාරයකට ලක්වූයේ පසුගිය 22වනදායි. වෙඩි ප්රහාරයෙන් සියළුදෙනාම ජීවිතක්ෂයට පත්වූ අතර​, සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කඩිනමින් පරීක්ෂණ ආරම්භ කලේ සීසීටීවී දර්ශණ ද භාවිත කරමිනුයි.

එම දර්ශණ දැඩි පරීක්ෂාවකට ලක්කල පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම පංච පුද්ගල ඝාතනය මෙහෙයවූ බවට සැක කෙරෙන ගංගා නිරෝෂනී නමැති 39 හැවිරිදි කාන්තාව සහ ඇයගේ පියා වේයන්ගොඩ පල්ලේවෙල ප්රදේශයේදී ඊයේ රාත්රියේ (01) අත්අඩංගුවට ගනු ලැබුවා.

සිදුකරන ලද ප්රශ්ණ කිරීම් වලදී පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන හරේන්ද්ර ගුණතිලක නොහොත් හර්ෂ නමැත්තාගේ මෙහෙයවීමෙන් ඝාතනය සැලසුම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙහි ප්රධාන වෙඩික්කරුවා වන 45 හැවිරිදි අජිත් ඉන්ද්රසිරි නමැති විශ්රාමික නාවුක හමුදා සෙබළා ඝාතනය සිදුකල දිනට පසු දිනම ඩුබායි රාජ්යය වෙතට පලාගොස් ඇති බව ඔවුන්ගෙන් කල ප්රශ්ණකිරීම් වලදී තහවුරු වී තිබෙනවා.

ආරක්ෂක අංශ විසින් මාධ්යයට නිකුත් කල පැජරෝ රථයෙන් බැසයන පුද්ගලයා රටින් පලාගොස් ඇති ප්රධාන වෙඩික්කරු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය මාධ්ය විසින් කරනු ලැබූ විමසීමකදී තහවුරු කරනු ලැබුවේ.

ප්රධාන වෙඩික්කරුවා හට මෙරටින් පිටවීමට ගුවන් ටිකට්පත ලබා දී ඇත්තේ දැනට ඩුබායිහි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නිපුන යන පුද්ගලයායි.

පල්ලේවෙලදී අත්අඩංගුවට ගත් සැකකාරිය සහ ඇයගේ පියා පල්ලේවෙල පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර​, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන තවදුරටත් ප්රශ්ණ කරන බවයි වාර්තා වන්නේ.

Tags