සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අපරාධකරුවන් ඉන්දියාවට රැගෙන යන ජාලය පිළිබඳ විශාල අනාවරණයක්

මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන ජාලයේ මහමොළකරු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විශාල අනාවරණයක් සිදුකර ඇත. ඒ, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ බව පොලීසිය පවසයි.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුව යාපනය හා කිලිනොච්චිය ප්‍රදේශවල පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබුණි. එම පරීක්ෂණවලදී, ඝාතනයෙන් පසුව ඇයට නවාතැන් සැපයූ පුද්ගයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඇයගෙන් ලැබුණු තොරතුරු අනුව, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන පුද්ගලයෙකු පිළිබඳව හෙළිවී ඇති අතර, මෙරට සිටි අපරාධකරුවන් රැසක් ඔහුගේ මැදිහත්වීමෙන් ඉන්දියාවට පලාගොස් ඇති බවත් අනාවරණය වී ඇත.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සොයාබැලීම් සිදුවෙමින් පවතී, ඔහු එම ජාලයේ මහමොළකරු බවට සැකකරන බව පොලිසිය සඳහන් කරයි.

Tags