සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පොසොන් පොහොය දිනය අදයි

මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක පොහොය අද දිනට (10) යෙදී තිබෙනවා.

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුවූ අතර එතැන් සිට මෙරට බුදුදහම ස්ථාපිත වුණා.

අනුරපුර මිහින්තලා පර්වර්තයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අද වැනි පොහෝ දිනකයි.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් පළමු වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක සිදුවූ බවයි.

තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ අදවන් පොහොය දිනකයි.

Tags