දේශීය පුවත්
පැලැස්සෙන් රුපියල් 200කට පෝෂ්‍යදායී ආහාර වේලක්
“පැලැස්ස” නමින් ආපනශාලාවක් නාරාහේන්පිටදී ඊයේ (01) විවෘත කෙරුණේ කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප්රධානත්වයෙන්.
ජාතික ආහාර ප්රවර්ධන මණ්ඩලය, සෞඛ්ය හා කෘෂිකර්ම අමාත්යංශය මෙන්ම ආපනශාලා පවත්වාගෙන යනු ලබන ව්යාපාරිකයින්ගේද සහය ලබා ගනිමින් ක්ලීන් ශ්රී ලංකා ව්යාපෘතියට සමගාමීව මෙම වැඩසටහන ක්රියාත්මක වනවා.
පැලැස්ස ආපනශාලාවෙන් රුපියල් 200ක් වැනි මිලකට පෝෂණයෙන් පිරි ආහාර වේලක් භුක්ති විඳීමට හැකියාව පවතින බවයි ජනාධිපති මාධ්ය අංශය පවසන්නේ.
