සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

ඉරානය තුළ වත්මනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව පහත දැක්වෙන ලිපිනයෙහි එය ස්ථානගත කොට ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ලිපිනය – අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකතන අංක – +98 939 205 5161/ +98 991 205 7522/ +98 936 636 0260

විද්‍යුත් තැපැල් ලිපිනය – slembiran@yahoo.com

ඉරානයේ පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස දැනුම් දී තිබෙනවා.

Tags