සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) ආරම්භ කිරීමට නියමිත තිබූ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) පෙරවරු 8 සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබුණා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ ඊයේ (24) රාත්‍රී විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

මෙහිදී සිය ඉල්ලීම් ඉටු කිරීම සඳහා අමාත්‍යවරයා ලබාදුන් ලිඛිත එකඟතාව මත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළා.

Tags