සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පැවසුවේ මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීන්දුව ගත් බවයි.

මේ අනුව අදාළ කාල සීමාවන් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකරනු ලබන වාහන මාර්ගයේ ඉඩ ඇති ස්ථානවල නවතා තැබිය යුතු බවද ඇය සඳහන් කරනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය 04 වැනි දින සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇති බවයි.

Tags