සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හදිසි අනතුරු වැළැක්වීමෙන් රෝහල් පීඩනය අවම කළ හැකි බව අමාත්‍යවරයා පවසයි

මෙරට ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගත වීම හදිසි අනතුරු හේතුවෙන් සිදු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා අද (12) “අනතුරකදී සිදුවන ලේ ගැනීම වළක්වමු” යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනකට සහභාගී වී තිබේ. පාගමන කොළඹ ජාතික රෝහල් පරිශයෙන් ආරම්භ වූ අතර, විහාරමහා දේවී උද්‍යානය සහ නිදහස් චතුරස්‍රය හරහා ගමන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හදිසි අනතුරු වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ආර්ථික වර්ධනයට බලපාන පීඩනය අවම කිරීම සෑම අංශයකින්ම ක්‍රියාත්මක විය යුතු බවයි.

Tags