සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මුදල් අච්චු ගැසීමක් කරලා නැහැ – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

මේ අනුව ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින් ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදුකරන ලද ප්‍රකාශ බවත් ඔහු මෙහිදී පැවසුවා.

ඒ මහතා කියා සිටියේ දැනට පවතින තත්ත්වය අනුව ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැති බවයි.

නීතිමය වශයෙන් ද එයට ඉඩක් නොමැති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඔහු සඳහන් කළේ මහ බැංකුව විසින් පාලනය කරන සංචිත මුදල් හරහා මුදල් ප්‍රසාරණය වීම සිදුව ඇති බවත් එය ආණ්ඩුව විසින් මුදල් නෝට්ටු අච්චු ගැසීමක් නොවන බවත්ය.

මෙය සම්පුර්ණයෙන්ම සමාජය නොමඟ යැවීමක් බවද ඒ මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ මේ වන විට සංචිත මුදල් ට්‍රිලියන 1.6ක් පවතින බවත්, එසේම පුළුල් මුදල් සැපයුම ට්‍රිලියන 15කට ආසන්න වී ඇති නිසා පුළුල් මුදල් සැපයුමේ වර්ධනයක් සිදු වී ඇත්තේ මහ බැංකුවේ මැදිහත්වීම නිසා මිස, ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් නිසා නොවන බවත්ය.

Tags