සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

බැකෝ සමන්ගේ සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට

දැනට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙකු ගිනි අවියක් සමඟ ඇඹිලිපිටිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබී T81 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිල ඇඳුමක් සොයාගෙන තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරුවලට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Tags