සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිමිනමක් වෙඩි තබා ඝාතනය කෙරේ. (Photos)

ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ප්රදේශයේ විහාරස්ථානයක් තුළදි හිමිනමක් අද (23) පෙරවරුවේ වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමක් මෙම වෙඩිතැබීමෙන් අපවත් වී තිබෙනවා.

හොන්ඩා FIT Hybrid වර්ගයේ කාර් රථයකින් පැමිණ ඇති සැකකරුවන් හතරදෙනෙකු විසින් T-56 අවියකින් වෙඩි තබා පළා ගොස් ඇති බවටයි මේ වන විට තොරතුරු​ වාර්තා වන්නේ.

හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්රියාත්මකයි.

 

Tags