දේශීය පුවත්
දියුණු ප්‍රවාහන සේවයක් ගොඩනැගීම මගේ අරමුණ – නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය
දැනට සමාජයේ භාවිත කරන බස් ඩ්‍රයිවරයා යන යෙදුම වෙනුවට මිස්ටර් ඩ්‍රයිවර් ලෙසත් කොන්දා වෙනුවට කොන්දොස්තර මහතා හෝ මිස්ටර් කන්ඩක්ටර් ලෙසත් ආමන්ත්‍රණය වෙනස් කරගත යුතු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඊයේ (12) උත්සවයක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ප්‍රවාහන සේවාවක් ගොඩ නැඟූ දිනයක තමන් බලාපොරොත්තු වන ගුණාත්මක ප්‍රවාහන තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවයි.
එය එසේ සිදු කිරීමට හැකි වනුයේ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පමණක් බවද ඔහු මෙහිදී පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් පලකළ නියෝජ්‍ය අමාත්‍යවරයා, “ඕනෑ තරම් තාක්ෂණය සහ නීති ගෙන ඒමට හැකි බවත්, එහෙත් මානව ගුණාංගවලින් පිරිපුන් රියදුරෙක් හා කොන්දොස්තරවරයෙක් නිර්මාණය කළ හැක්කේ තමන් තුළින්ම බවයි”.
