දේශීය පුවත්
අයවැය ලේඛනය මාර්තු මාසයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනපති කියයි.
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව දුප්පත්කම දුරලීම සඳහා කෘෂි, ධීවර ඇතුළු ආර්ථික ප්‍රභවයන් ලාභදායී කිරීම සඳහා කටයුතු කරන බවත් තානාපති කාර්‍යාල මෙහෙයවීම මගින් කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් සඳහා නව වෙළඳපොළවල් සොයාදීමට රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
අතුරු සම්මත ගිණුමක් දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නව රජයේ පළමු අයවැය ලේඛණය මාර්තු මාසයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
