සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කොරියානු රැකියා අපේක්ෂකයින් සඳහා නව ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් විවෘතවෙයි

දකුණු කොරියාවේ රැකියා සඳහා අවශ්‍ය කොරියානු භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීම සඳහා නව ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් අද (22) විවෘත කෙරිණි.

‘Korean Language Examination Center Ubiquitous-based Test (UBT)’ ලෙස නම්කළ මෙම මධ්‍යස්ථානය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

තලාහේනේ පිහිටි මෙම නව මධ්‍යස්ථානය තුළ ටැබ් උපාංග භාවිතයෙන් නවීන පද්ධතියක් ඔස්සේ විභාග පැවැත්වීමට හැකි වන අතර, එක් සැසියකදී අපේක්ෂකයින් 100 දෙනෙකුටත්, දිනකට සම්පූර්ණයෙන්ම 400 දෙනෙකුටත් පරීක්ෂණයට පෙනී සිටිය හැක.

මෙම මධ්‍යස්ථානයේ ටැබ් උපකරණ සහ තාක්ෂණික පහසුකම් කොරියානු රජය විසින් සපයා ඇති අතර, වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ක්‍රියාත්මක වේ.

2025 වර්ෂයේ කොරියානු භාෂා විභාගයට අපේක්ෂකයින් 36,745 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, එම විභාග මාලාව හෙට (23) සිට 2026 මාර්තු මස දක්වා මෙම නව මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

Tags