දේශීය පුවත්
රේගුවේ සිරවී තිබූ වාහන නිදහස් කිරීම සඳහා නව ගැසට් නිවේදනයක්
මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව, රේගුවේ සිරවී තිබූ වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක් ඊයේ (24) සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
මෙම වසරේ පෙබරවාරි මාසය සිට වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නද, වාහන දහසකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබුණි. ඒ, 2013 අංක 02 දරන ආනයන හා අපනයන ගැසට් නිවේදනයේ රෙගුලාසිවලට පටහැනිව වාහන ආනයනය කිරීමේ හේතුවෙන්ය.
නව ගැසට් නිවේදනය අනුව, වරායෙන් නිදහස් කර ගැනීමට අවසර ලැබෙන්නේ ආනයන කරන රටෙන් බැහැරව වෙනත් රටකින් විවෘත කරන ලද ණයවර ලිපිවලට (cross-border LC) අදාළ වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් බව සඳහන් කර ඇත.
එමගින්, වාහන නිදහස් කිරීමේදී සහ ලියාපදිංචි කිරීමේදී අදාළ කොන්දේසි ගණනාවක් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු අතර, නව ගැසට් පත්‍රය එම ක්‍රියාදාමය සඳහා මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කරයි.
