දේශීය පුවත්
ස්වයං මාර්ගයෙන් විදෙස් රැකියාවට යන්නන්ට නව නීතියක්
ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලබා ගැනීමේ දී සිදුකරන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.
එම කාර්යාංශයේ සභාපති පැවසුවේ ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාවක් සඳහා යොමුවීමට බලාපොරොත්තු වන පුද්ගලයා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර, එම ශ්‍රමිකයා ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන විදේශ රටෙහි සිටින සේවා යෝජකයා විසින් එම රටෙහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මගින් රැකියා ගිවිසුම සහතික කරගැනීම අනිවාර්ය බවයි.
තවද ඒ සඳහා ඩොලර් 60ක මුදලක් අය කරන බවද එම කාර්යාංශය සඳහන් කරනවා.
පළමු අදියරේ දී මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13ක තානාපති සේවා සැපයෙන අංශ 15ක් සඳහා පමණක් බවත් එම නීතිය 2025 ජුලි 1 වන දින සිට ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා දැනුම් දෙනු ලබනවා.
