දේශීය පුවත්
නිශාන්ත වික්රමසිංහ ලබන 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
ශ්රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා ලබන 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඔහුව අද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම කොමිෂන් සභාව පැවසුවේ ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
නිශාන්ත වික්රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති වික්රමසිංහ රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයා ද වනවා.
මේ අතර ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ,
(01.) 2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම.
(02.) 2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම.
(03) 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම.
