දේශීය පුවත්
කොස්ගොඩ ප්රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල
කොස්ගොඩ ප්රදේශයේ අද (11) සවස් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ කොස්ගොඩ පොලිස් වසමේ හතරමංහන්දිය ප්රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීමෙන් එම පුද්ගලයා තුවාල ඇති අතර ඔහු ප්රතිකාර සඳහා බලපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 24ක එම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාලකරු ත්රිරෝද රථයේ රියදුරු වන අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවද පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
