දේශීය පුවත්
මේ වසරේදී ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට පවතින බවත්, එම බලපත්‍ර ඉදිරි මාස 3ක කාලය තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත්ය.
අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට එක්වෙමින් නිලධාරීන් පැවසුවේ, නව ආරක්ෂිත විශේෂාංග සහිත රියදුරු බලපත්‍රයද මේ වසරේදී මුද්‍රණය කර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි. රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කාඩ්පත් මිලියනයක් ලබා ගැනීමේ කටයුතු ද අවසන් කර ඇති අතර, නිකුත් කිරීම වේගවත් කිරීම සඳහා සෑම පළාතකම මුද්‍රණ යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට උපදෙස් ලබා දී තිබේ.
අමතරව, වාහන අංක තහඩු නිකුත් කිරීම සඳහා සැපයුම්කරුවෙකු තෝරාගැනීමේ ක්‍රියාවලියද මේ වනවිට සිදුවෙමින් පවතින බව නිලධාරීන් සඳහන් කරයි. එසේම මගී ප්‍රවාහන ඒකාබද්ධ කාලසටහන කාර්යක්ෂම කිරීම හා අලි – දුම්රිය ගැටීම් අවම කිරීමේ වැඩසටහන් පිළිබඳවද කාරක සභාවේදී විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, රුපියල් මිලියන 2.8ක මුදලක් වැය කරමින් මඩකලපුව මාර්ගයේ දුම්රිය සඳහා කැමරා සවි කිරීමට කටයුතු සිදුවෙමින් පවතී.
