දේශීය පුවත්
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘වැලිගම සහන්’ ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හික්කඩුව ලියනගේ සහන සිසිකැලුම් හෙවත් වැලිගම සහන් ඉන්දියාවේ සිට මෙරටට පිටුවහල් කර සිටියදී කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට පත්වුණා.
සැකකරු ඊයේ (28) රාත්රී චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
පොලීසිය පැවසුවේ 31 හැවිරිදි වැලිගම ප්රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරුට එරෙහිව මාතර සහ පානදුර යන ප්රදේශවල මිනීමැරුම්, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් පිළිබඳව චෝදනා එල්ල වී ඇති බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හරක් කටා නැමැත්තාගේ ගෝලයෙකු මෙන්ම මිදිගම චුටිගේ සහ කුඩු සලිඳුගේ ද ප්රධාන වෙඩික්කරු වශයෙන් මෙම සැකකරු කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කළුතර අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇති බව සඳහන්.
මෙම සැකකරු සිදුකර ඇති අපරාධ ලැයිස්තුව පහතින්,
01. 2025.04.29 වන දින හිරණ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ ටී-56 අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ ප්රධාන වෙඩික්කරු ලෙස හඳුනා ගෙන ඇත.
02. 2025.06.05 වන දින මට්ටක්කුලිය පොලිස් වසමේ ටී-56 ගිනි අවියකින් හා 9mm වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ ටී 56 ගිනි අවිය භාවිතා කළ වෙඩික්කරු ලෙස හඳුනා ගෙන ඇත.
03. 2025.06.29 වන දින පානදුර දකුණ පොලිස් වසමේදී යතුරුපැදි කොටස් අලෙවිසැලකට යතුරුපැදියකින් පැමිණ ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස හඳුනාගෙන ඇත.
04. 2024.04.15 වන දින කොටවිල පොලිස් වසමේ යතුරුපැදියක් සොරකම් කිරීම.
05. 2024.04.22 වන දින මාලිම්බඩ පොලිස් වසමේ භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසැලට පැමිණ රුපියල් 80000/= ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම.
06. 2024.07.23 වැලිගම පොලිස් වසමේ මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ රුපියල් 52000/=ක් වටිනා ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.
07. 2024.07.24 වන දින මාලිම්බඩ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණි කාන්තාවකගේ ගෙල බැදි රුපියල් 150,000/= ක් වටිනා රන්මාලයක් කොල්ලකෑම.
08. 2024.08.24 වන දින තිහගොඩ පොලිස් වසමේ මාර්ගයේ යමින් සිටි කාන්තාවකට අවි පෙන්වා බිය ගන්වා රුපියල් 450,000/= වටිනා රන් මාලයක්, රුපියල් 35,000/=ක් වටිනා පෙන්ඩනයක් හා රුපියල් 450,000/= වටිනා අත් පළදනාවක් කොල්ලකෑම.
09. 2024 08 05 වන දින කොටවිල පොලිස් වසමේ කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලකෑම.
10. 2024.08.08 වන දින වැලිගම පොලිස් වසමේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම.
11. 2024.08.11 වන දින මාලිම්බඩ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ රුපියල් 95000/= ක් වටිනා රන්මාලයක් හා රන් පෙන්ඩනයක් කොල්ලකෑම.
12. 2024.08.12 වන දින වැලිගම පොලිස් වසමේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 90000/= ක් වටිනා රන් මාලයක් යතුරුපැදියකින් පැමිණ කොල්ලකෑම.
13. 2024.08.12 කොටවිල පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.
