දේශීය පුවත්
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
සැප්තැම්බර් මස පළමු පාර්ලිමේන්තු සතිය අදින් (09) ආරම්භ වනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද (09) සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.
අද (09) දින ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යොන්‍ය සුරක්ෂණ ගිවිසුම පිළිබඳව යෝජනා සම්මත කිරීමට නියමිතව තිබෙනවා.
එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු අතර ඊට අදාළ ඡන්ද විමසීම අද (09) පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි.
මේ අතර හෙට (10) දින සමථකරන, සිවිල් සහ වාණිජ ආරවුල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා (11) දිනයේ දී ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (09) දිනයේ පාර්ලිමේන්තුවේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද සඳහන්.
