දේශීය පුවත්
පුංචි ඡන්දය අවසන් වී මාස 2ක් ගත වුවත් සභා 50ක බලය තාම පිහිටුවලා නෑ
පළාත් පාලන මැතිවරණය පවත්වා මාස 2කට ආසන්න කාලයක් ගත වුවද 50කට අධික සභා ගණනක බලය මේ දක්වා පිහිටුවා නොමැති බව වාර්තා වනවා.
ගණ පුර්ණය නොමැතිවීම, සභිකයින්ගේ නම් ගැසට් නොකිරීම සහ අධිකරණ නියෝගය යන හේතු මත මෙලෙස බලය පිහිටුවා නොමැති බවද සඳහන්.
ඊට අමතරව කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඇති වූ ගැටළු මත වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය මේ දක්වා පිහිටුවා නොමැත.
පුර්ණ සභිකයින්ගෙන් 50%ක සභාවට නොපැමිණීම ගණ පුර්ණය නොමැති වීමට හේතුව වී අතර ඇතැම් සභිකයින් සිතාමතා සභාවට නොපැමිණෙන තත්ත්වයක් ද මතුව ඇති බව වාර්තා වනවා.
පළාත් පාලන අමාත්‍යාංශය පවසන්නේ මේ හේතුවෙන් ජනතාව වෙනුවෙන් සිදුකරන සේවාවන් ප්‍රමාද වී ඇති බවයි.
