දේශීය පුවත්
පියුමි හංසමාලිගේ පුත්‍රයාට ඇප
රිය අනතුරකින් සිදු වීමෙන් පසුව තවත් පිරිසක් සමඟ සිදුකළ බවට පැවසෙන පහරදීමක් සම්බන්ධව පොලිස් අත්අඩංගුවට ගත් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.
ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධව වැලිකඩ පොලීසිය විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.
කෙසේ වෙතත් පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර තිබෙනවා.
