දේශීය පුවත්
තැපැල් සේවකයන් සේවයට නාවොත් තනතුර අතහැර ගියා සේ සලකනවා – තැපැල්පති
වර්ජනය අත්හැර කිසිඳු සාකච්ඡාවකට තැපැල් වෘත්තීය සමිති සුදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
මේ දක්වා විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධව සාකච්ඡාවක් ලබාදී නොමැති බවද ඒ මහතා පවසනවා.
එම පෙරමුණේ සම කැඳවුම්කරු පෙන්වා දෙන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හැර සාකච්ඡාවකට පැමිණෙන ලෙස තැපැල්පතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර කිසිඳු සාකච්ඡාවක් සිදු කිරීමට තැපැල් වෘත්තීය සමිති සුදානම් නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කළා.
මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන්ගේ නිවාඩු අගෝස්තු 17 වනදා සිට අවලංගු කර ඇති බැවින් සියලුම සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
අදාළ නිවේදනයේ සඳහන් වන්නේ අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවාඩු ලබා සිටින සේවකයන් ඒ බව තහවුරු කිරීමට රජයේ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවයි.
තවද නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකරන නිලධාරීන් සඳහා 2025 අගෝස්තු මස වැටුප් ගෙවීම සඳහා මුදල් නිදහස් නොකරන බව භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇති බවද තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ පෙන්වා දී තිබෙනවා.
තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඊට අමතරව සේවයට වාර්තා නොකරන නිලධාරීන් කාර්ය පටිපාටියක රීතීන් හි XV වන පරිච්ඡේදයේ විධිවිධාන අනුව, ‘තනතුර අතහැර ගියා සේ’ සලකා කටයුතු කිරීමට සිදුවන ඇති බවයි.

