දේශීය පුවත්
තවත් සභා දෙකක බලය මාලිමාවට
තවත් මහ නගර සභාවක සහ ප්‍රාදේශීය සභා දෙකක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද (16) සමත් වුණා.
මේ අනුව රත්නපුර මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති පත්කර ගැනීම සඳහා වූ රහස් ඡන්ද විමසීමේ දී ජාතික ජන බලවේගයේ කේ.ඒ.ඩී.ආර්.අයි. කටුගම්පල මහතා තේරී පත් වුයේ ඡන්ද 14ක් ලබා ගනිමිනි.
විපක්ෂයෙන් ඉදිරිපත් කළ නගරාධිපති අපේක්ෂකයාට ලබා ගැනීමට හැකිව තිබුණේ ඡන්ද 12ක් පමණි.
තවද දඹුල්ල හා කල්පිටිය යන ප්‍රාදේශීය සභාවල ද ජාතික ජන බලවේගය බලය පිහිටුවීමට සමත් වුණා.
මේ අනුව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඩබ්ලිව්.එම්. තිලකරත්න මහතා අද (16) තේරී පත්වුණා.
ඒ අද (16) පැවැති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 15ක් දිනා ගනිමින්.
විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් ඉදිරිපත් වූ අතර ඉන් පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂකයාට ඡන්ද 6ක් සහ සමඟි ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද 5ක් හිමි වුණා.
මේ අතර කල්පිටිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා අද (16) තේරී පත්ව තිබෙනවා.
අද (16) පෙරවරුවේ පැවැති රහස් ඡන්ද විමසීමේදී ඒ මහතා ඡන්ද 16ක් දිනා ගැනීමට සමත් වූ අතර සමඟි ජන බලවේගයෙන් ඉදිරිපත් කෙරු මොහොමදු ආසික්ට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 15ක් පමණි.
