දේශීය පුවත්
සලේ රෝහලෙන් රැගෙන යයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර අද (6) පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රතිකාර ලැබූ සුරේෂ් සලේ මහතාට ප්‍රතිකාර සිදුකරන වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට අද අධිකරණයේ පෙනීසිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් තිබුණි.
එම දැනුම්දීමට අනුව අදාළ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කළ දන්වා සිටියේ, දින 100කට අධික කාලයක් ප්‍රතිකාර ලැබූ සලේ මහතාට රෝහලෙන් පිටව යා හැකි බවය.
එම දැනුම්දීමෙන් පසු අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයට දන්වා සිටියේ, සුරේෂ් සලේ මහතා අද පස්වරුවේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ නඩුවේ සැකකරුවෙකු නම්කළ සුරේෂ් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඔහුගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එම දෙපාර්තමේන්තුව අවසර ගත් අතර අතර, ඒ අතරවාරයේ තමන්ට අමානුෂික වධහිංසා සිදුවන බව පවසමින් සුරේෂ් සලේ, ආහාර වර්ජනය කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවදානම් සහගත වීම හේතුවෙන් පසුව මේ දක්වා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීය.
සලේට එරෙහි රැඳවුම් නියෝගය දින 90ක කාලය අවසන් වීමෙන් පසු යළි දීර්ඝ නොකරන්නැයි ඔහුගේ බිරිඳ මනෝරි සලේ සහ සලේගේ මව ජනාධිපතිවරයාට ලිපි ද යොමු කර තිබුණි.
ලිපි තුළින් ඉල්ලා තිබුණේ ඔහුගේ රැඳවුම් නියෝගය යළි දීර්ඝ නොකර, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඉදිරි විමර්ශන සිදුකරන ලෙසය.
