සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනපති ජර්මානු ජනාධිපති අතර හමුවෙයි

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පස්වරුවේ ජර්මානු ජනාධිපති Frank Walter Steinmeier මහතා හමුවී තිබෙනවා.

මෙම හමුව සිදුව ඇත්තේ බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේදීයි.

මෙහිදී පැවැති නිල රාජ්‍ය පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ද්වි සාකච්ඡාව පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා – ජර්මානු අතීත මිතුදම ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම මෙන්ම වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

Tags