දේශීය පුවත්
මහනුවර නගරයේ රෝග බෝවීමේ අවදානමක් නැහැ – මහනුවර නාගරික ප්රධාන වෛද්ය නිලධාරී
“සිරි දළදා වන්දනාවෙන්” පසුව මහනුවර නගරයේ කිසිඳු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැති බව මහනුවර නාගරික ප්රධාන වෛද්ය නිලධාරී වෛද්ය පසන් පැරකුම් මහතා පවසනවා.
බැහැර කොට තිබූ සියළු අපද්රව්ය මේ වන විට ඉවත්කොට මහනුවර නගරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර හමාර බවත් පානීය ජලය සම්බන්ධයෙන් ද කිසිඳු අවදානමක් නොමැති බවත් වෛද්යවරයා පවසනවා.
මහනුවර නගරයට පානීය ජලය සපයනු ලබන දුනුමඩලාව වැව කිසිඳු ආකාරයකින් අපවිත්ර වී නොමැති අතර, මහවැලි ගගෙන් ලබාගන්නා ජලය ද ගැටඹේ ජල පවිත්රාගාරය හරහා ක්රමවත්ව පිරිසිදු කර බෙදා හැරෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
