සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නවදිල්ලියේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (16) නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී, දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළා.

ඉන්දීය අමාත්‍යවරයා තම ‘X’ ගිණුමේ සටහනක සඳහන් කළේ, ශ්‍රී ලංකා අගමැතිනි නවදිල්ලියේදී හමුවීම සතුටට කරුණක් වන අතර, අධ්‍යාපනය සහ ධාරිතා වර්ධනය සඳහා සහයෝගීතාවය ශක්තිමත් කිරීමට සාකච්ඡා කළ බවයි.

අගමැතිනි ඔක්තෝබර් (18) දක්වා ඉන්දියාවේ රැඳී සිටින අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය නියෝජිතයින් හමුවීමට නියමිතය. එමෙන්ම ඇය NDTV ලෝක සමුළුවේදී “අවිනිශ්චිත කාලවලදී මෙහෙයවීමේ වෙනසක්” යන මාතෘකාව යටතේ ප්‍රධාන දේශනයක්ද ලබා දීමට නියමිතය.

අගමැතිතුමිය අධ්‍යාපන හා තාක්ෂණ ක්ෂේත්‍රවල සහයෝගීතාවය ගවේෂණය කිරීම සඳහා දිල්ලි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog වෙත යාමටද නියමිතය.

Tags