සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිටපු ජනාධිපති රනිල්ට එරෙහි නඩුවේ කටයුතු ඇරඹේ

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී මීට සුළු මොහොතකට පෙර යළි විභාගයට ගැනුණා.

අප වාර්තාකරු කියා සිටියේ මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට පොලිස්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

නිල සංචාරයක යෙදෙන බව සඳහන් කරමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව මත අගෝස්තු 22 වනදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණා.

Tags