සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මහාචාර්ය ගනනාත් ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි!

අමෙරිකාවේ ප්රින්ස්ටන් විශ්ව විද්යාලයේ මානව විද්යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයෙකු වන ගනනාත් ඔබේසේකර මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
 
අභාවප්රාප්ත වන විට ඒ මහතා 95 හැවිරිදි වියේ පසුවූ බව වාර්තා වනවා.
 
කොළඹ විශ්වවිද්යාලයේ සමාජවිද්යා අධ්යයනාංශයේ ප්රේමකුමාර ද සිල්වා මහතා එතුමා සම්බන්ධයෙන් දෙවසරකට පෙර තැබූ සටහනකින් උපුටා ගැනීමක්.
 
ශ්රී ලාංකේය සංස්කෘතිය, සමාජය, ඉතිහාසය හා දේශපාලනය පිළිබඳව ඔහු විසින් ගොඩනගා ඇති අතිවිශාල සමාජ-මානව විද්යාත්මක පර්යේෂිත දැනුම් සම්භාරය අති ප්රබලය. එසේම ඔහුගේ ආභාසය හා ආශීර්වාදය ලබමින් බිහි වූ ශාස්ත්රවන්තයෝද බෙහෙවි. අවුරුදු 70කට වඩා දිවයන ඔහුගේ පර්යේෂණ ජීවිතය මේ මොහොත දක්වාම අත්හැර නැති බව අප හොඳින් දන්නා කරුණකි. ඊට කදිම නිදසුනක් ලෙස ඔහු විසින් පළ කර ඇති ග්රන්ථ නාමාවලිය දෙස බැලීමම ප්රමාණවත් බව සඳහන් කරමි. එමතු නොව ගතින් වියපත් වුවත් තවමත් ග්රන්ථකරණයට හා ශාස්ත්රීය පර්යේෂණ කෙරේ ඔහු දක්වන කැමැත්ත විස්මිතය- අප වැනි සමාජ මානව විද්යා පර්යේෂකයන්ට හා සෙසු අංකූර පර්යේෂකයන්ට ඔහුගේ ආදර්ශවත් ශාස්ත්රීය ජීවිතය ගුරු කොට ගත හැකිය. සමාජීය හා මානව ශාස්ත්ර පර්යේෂණ ලෝකය ශ්රී ලාංකේය සන්දර්භය තුළ ගරා වැටෙමින් තිබෙන සන්දර්භයක් තුළ මහාචාර්ය ඔබේසේකර වැන්නවුන්ගේ අඩුව අපට දැනෙන කාලය වැඩි ඈතක නොවනු ඇත.
Tags