සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්

ගෙවී ගිය සති කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කරුණු සම්බන්ධව පළ වී ඇති අදහස් පිළිබඳව නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ අධිකරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් බවයි.

එය ඉතා වගකීම් සහගත අන්දමින් කාලාන්තරයක් මුළුල්ලේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවද නීතිඥ සංගමය පවසනවා.

Youtube වැනි සමාජ මාධ්‍යයන් ඔස්සේ අදහස් පළ කිරීමේදී හා නිතියේ විෂය පථයට අදාළ කරුණු වාර්තා කිරීමේ දී සුපරීක්ෂාකාරී අන්දමින් කටයුතු කරන ලෙස අසත්‍ය පුවත් වාර්තා කිරීම නීතියට පටහැනි බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Tags