දේශීය පුවත්
වඳුරෙක් හේතුවෙන් විදුලි බිඳ වැටීම ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රසිද්ධ විභාගයක්
ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උප පොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් දිවයිනටම විදුලිය විසන්ධි වූ බවට පැවසෙන සිද්ධියට අදාළව මහජන උපයෝගීතා කොමිසම සිදුකරන ප්‍රසිද්ධ විභාගය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරුණා.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී මෙම විභාගය පැවැත්වෙනවා.
ඒ අනුව අද (05) පෙරවරුවේ ප්‍රකාශ ලබාදුන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසිනි.
ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි 09 වනදා දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා.
එම අවස්ථාවේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කියා සිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් විදුලි බිඳවැටීම සිදුවූ බවයි.
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට එවක විදෙස් මාධ්‍ය පවා පුළුල් ප්‍රචාරයක් ද ලබාදී තිබුණා.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධව ලබාදී තිබෙන වාර්තා සම්බන්ධව සෑහීමකට පත්විය නොහැකි බැවින් නැවත විමර්ශනයක් පැවැත්වීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කළා.
මේ අනුව අදාළ ප්‍රසිද්ධ විභාගය අද (05) පෙරවරු 8.30ට පමණ ආරම්භ කෙරුණු අතර එය පස්වරු 6 දක්වා පැවැත්වෙනවා.
