සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අතන මෙතන සිටි රතන හිමි රිමාන්ඩ්

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියා.

2020 මහ මැතිවරණයේ අපේ ජන පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීමේ චෝදනාව පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

Tags